හොඳයි එහෙනම් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යන ගමනේ ඔන්න අපි 6 වෙනි කොටසටත් ආවා.. හෙළදිව සිටි සුද්ධෝදන රජතුමාට එදා බංගාල දේශය පැත්තේත් රාජධානියක් තිබුණු බවත්, එතුමන් නාවුක (නාග) ජනයා සමග ලඟින් සම්බන්ධ කම් පැවැත්වූ බවත් අපි එදා කතා කලා..
මම මේ කතාව කීමෙන් අපේක්ෂා කරන්නේ විශේෂයෙන් අප බුදුපියාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිණිවීම හා ප්‍රථම ධර්ම දේශනය සිදුවූ ස්ථානයන් වඩාත් නිවැරදි ලෙසින් වටහා ගැනීමට මං එළි පෙහෙළි කිරීමට කරන රුකුලක් හැටියයි. මොකද අප දැනගෙන තිබෙන දේවල් තුලද යම් යම් අඩුපාඩු කම් තිබෙන්න පුලුවන්.. එහෙම වුනොත් සමහර එයින් සමහරවිට අපටමත්, අනුන්ටත් අවැඩක් වෙන්න පුලුවන්.. අපට වැරදුනු තැන් හදාගන්නට අප තවමත් ප්‍රමාධ නෑ.. එනිසා අපි සියල්ල හරියටම දැන ගැනීමයි ඉතා වැදගත් වන්නේ..
ඇත්තටම මේවා ගැන මූලික කරුණු ටික වටෙන් ගිහින් කතා කරලා තමයි ස්වර්ණමාලී මහා සෑය ගාවට ආයිත් අපිට යන්න වෙන්නේ.. නැත්නම් සමහර තැන් පැටලෙන්න පුලුවන්.. හොඳයි, එහෙනම් අපි අද එතන ඉඳන් කතා කරමු..
ඉතින් කොහොම හරි ඔක්කාක පරපුරෙන් පැමිණි මේ ශාක්‍ය වංශික වූ සුද්ධෝදන රජතුමා තම මානය පසෙක තබා (දේශපාළනික සැලසුමකට අනුව) කෝලීය වංශික රජ දියණියක්වූ මහාමායා කුමරිය හා විවාහ වෙනවා.. කෝලීය වංශිකයන් සුර කියන පාර්ශවයටයි වැටෙන්නේ.. එවිට ශාක්‍යයන් අසුර කියන පාර්ශවය නියෝජනය කලා..
මේ සුර, අසුර පිරිස් දෙක ආදී කාලේ ඉඳන්ම ගැටෙනවා.. කාලෙන් කාලෙට දෙපැත්ත බලවත් වෙනවා..
ධජග්ග සූත්‍රයේ කියවෙන්නෙත්, රාම රාවණ කතාවේ කියවෙන්නේත් ගොතම බුදුරදුන්ට කලින් පැවති ඔය සුර, අසුර දෙපැත්තේ යුද්ධයන් ගැනම තමයි.. ඒ රාමවරුත් එදා අපේ දේව හෙළයේම (දඹදිව් කොටසේ) සිටි සුරයින්.. එතකොට රාවණ (සක්විති 7 දෙනාගෙන් පසු සිටි ඉන්ද්‍රජිත්) ලංකා කොටසේ සිටි අසුරයින් ගනයටයි වැටෙන්නේ..
කැළණියේ සිටි විභීෂණ(රාවන සොයුරු) රජුගෙන් නාග කියන ජන ගෝත්‍රය හටගන්නවා..
ඉන්ද්‍රජිත්ගේ (මේඝනාද/රාවන) පුතුන් දෙදෙනාගෙන් කෝවේසස්ථාන(යෝනක) වංශයත්, රවිශෛල්‍යය (ඉරුගල) වංශයත් ඇතිවෙනවා.. මේ වංශ දෙකම පොදුවේ එදා යක්ඛ ජන ගෝත්‍ර ලෙස හැඳින්වූවා.. එසේම මේ යක්ඛ හා නාග කියන ජන ගොත් දෙකම අයත් වන්නේ අසුර ගනයටයි.
හොඳයි එහෙමනම් අපි දැන් බලමු සිදුහත් කුමාරයගේ ඤාතීන් කවුද කියල... (මේ ඉතා වැදගත් තැනක්)
සිදුහත් කුමාරයගෙ සීයා සීහහනු රජු බවත්, පියා සුද්ධෝදන රජු බවත් අප කවුරුත් දන්නවානේ. සුද්ධෝදන රජුගේ මාළිගය පිහිටියේ අද දිඹුලාගල තිබෙන කොටසේයි. ඔහු කපිලවස්තු ජනපදයේ ප්‍රාදේශීය රජෙකි. එය අයිති වුනේ හෙළයේ දඹදිව කියන කොටසටයි.. එදා දඹදිව කොටසේ සිටියේ දේව හා මනුස්ස කියන ජන වර්ග දෙකයි..
සිදුහත් කුමාරයට අම්මල දෙන්නෙක් හිටියා.. ඒ වැදූ මව හා හැදූ මව වශයෙනි. ඔවුන් දෙදෙනා තමයි මායා හා ගෝතමී කියන්නේ.. මේ දෙන්නා අක්කයි, නංගියි කිව්වට එක් කුස උපන් අක්ක නගෝ නොවෙයි.. (අපේ යටි හිතේ තැන්පත්වී ඇති කතා මේ වෙලාවේ ටිකකට අයින් කරගෙන යමු) නමුත් මේ දෙන්නටම ප්‍රජාපතී කියන නම භාවිතා කලා.. ප්‍රජාපතී කියන්නේ ප්‍රජාව පාලනය කිරීමට සුදුසුකම්ලාභී පතිනියන්/කාන්තාවන් ටයි.. ඔවුන් රාජ්‍ය පාලිතයින්..
එතකොට ප්‍රජාපතී මහාමායා කුමරිය එදා මුල් කාලයේ සිටියේ කෝලීය ජනපදයට අයිති කොළොම්පුරයේයි.
සමන(සමන්) යනු ඇගේ සොයුරෙකි. මණි අක්ඛික
රජුටත් ඇගේ කිසියම් සම්බන්ධ කමක් තිබෙනවා.. ශුමන/පණිත/වෙසමුණි යනු පියා වූ අතර
සෝමා යනු ඇයගේත් සමන් කුමරාගේත් මවය. වෙස්සවණ නමින් තවත් ඇගේ ඤාති සොයුරෙක් සිට
ඇතැයි සිතිය හැක.
සුමන රජුගේ පුතුවූ සුමන සමන් කුමරා මුල් කාලයේ සිටියේ අන්තර්ගිර හෙවත් අතුරුගිරියේය. ඔහු විසින් පසුකාලයේ සසුනට පූජාකළ ලෙණක් අදටත් (අතුරුගිරියට කිට්ටුව) කොරතොට රජමහා විහාරයේ දක්නට ඇත. කොරතොට පන්සලේ ඇති අනිත් ලෙණ නම් සමන් කුමරුගේ සොහොයුරිය වන ප්‍රජාපතී දේවිය සසුනට පුදකළ ලෙණයි..(ශිළා ලේඛණ සහිතයි)
එහෙමනම් ප්‍රජාපතී ගෝතමිය කවුද? ඇත්තටම කියනවනම් ප්‍රජාපතී ගෝතමිය යනු සුද්ධෝදන රජුගේ ඇවැස්ස නෑනාය.. ගෝතමි දේවියගේ පියා අංජන රජු වූ අතර මව මහා යශෝධරා විය.. සුප්පබුද්ධ යනු ඇයගේ සොයුරාය. ඇයගේ ඤාතීන් සිටි රාජධාණිය වූයේ දෙව්දහ නුවරයි (අද මහනුවර). යශෝධරා (ගෝපා) කුමරිය සිටියේද එහියි.
ඉතින් සුද්ධෝදන රජු අක්කයි, නංගියි දෙන්නම විවාහ කරගත්තා කියන කතාවේ ඇත්ත තත්වය කුමක්ද කියා දැන් අපට තේරෙනවා නේද? මේ වගේ සිදුහත් චරිතයට ඈඳා ඇති විස්මිත ප්‍රබන්ධ කතා නම් කොතෙකුත් අද වනවිට තිබෙනවාද?. දින 7කින් මායා දේවිය මැරුණා කියා කීමත් ඒ වගේම කතාවක් තමයි. ඇත්තටම මෙතන වන්නේ කලුරිය කිරීමක් කියාය සඳහන් වන්නේ. කලුරිය යනු අද කියන විදියට මරණයට පත්වීමක් නොවේ.. (ඒ ගැන අපි මෙතන කතා නොකර ඉඳිමු.) සිදුහත් කුමරු යනු මව් මරා උපන් කුමරෙක් නොවන බව පමණක් සිහි තබා ගන්න..
කොහොම හරි පිංවත් සිදුහත් කුමරා වැදූ මවට දින කීපයකින් සුදෝවුන් රජු හැරදමා කිඹුල්වත් පුර රජ මාළිගයෙන් යන්නට සිදු වෙනවා.. ඇය තව්තිසා පුරයට යනවා. රජතුමාට ඕනෑ වුනේ කෝළීය වංශික බිරිඳකට දාව දරුවෙක් හදාගෙන බෙදීගිය සියලු ජන වර්ගයන් එකතු කොට ඒ දරුවාට හෙළයේ සක්විති කම (දිවයිනේම මහ රජකම) අරන් දෙන්නටයි.. එහෙත් රජතුමාට තරු පෙනුනේ අසිත තවුසාගේ තාරකා සාශ්ත්‍රයෙන් කී අනාවැකිය ඇසූ පසුවයි.
අසිත තවුසාගේ අනාවැකිය වූයේ මේ කුමරා ගිහිගෙය කළකිරී ශ්‍රමණ දිවියකට ගොස් සක්විතිකම පැත්තක දමා බුද්ධත්වයට පත්වන බවයි.. ඉන්පසු මේ රජතුමා ඇතුලු ශාක්‍යයන් කුමරුන්ට, බාහිර සමාජයේ සිටින ලෙඩුන්, මහල්ලන්, පැවිද්දන් ආදීන්ගේ සම්මුඛවීම් මග හැරෙන අයුරින් කටයුතු කිරිමට වග බලා ගත්තා..
පිංවත් සිදුහත් කුමරාට එදා මේ හෙළ දිවයිනේ සිටි යක්ක, නාග, දේව, මනුස්ස ආදී සියලු ජනතාවම ගරු කලා.. ඊට ප්‍රධාන හේතුවක් නම් ශාක්‍ය, කෝලීය දෙපැත්තටම අයිති කුමරෙකු වීමයි.. ඔහු මේ මුලු මහත් රටෙහිම ශ්‍රේෂ්ඨ නායකත්වය අනාගතයේ දරනු ඇතැයි කවුරුත් වාගේ විශ්වාස කලා..
කෝලීය වංශික මහාමායා ප්‍රජාපතී දේවිය, සුද්ධෝදන ශාක්‍ය රජුට විවාහ කරදෙන විටදී, තමන්ට අයිති මහියංගන රාජධානියද දායාද වශයෙන් දීමට මහාමායා දියණියගේ මවවූ සෝමාදේවී තීරණය කළාය.. තරුණ කාලයේ සමන් කුමරු විසින් යුවරජ තනතුර දැරුවේ මවගේ ගමවූ මහියංගණ රාජධාණියේය. ඉතින් මහියංගන රාජධානිය දුන්නාට, සමන් යුවරජු අක්කා සමග හිත් අමනාප වුවත් තමන්ට එහි රජකම ලැබෙනු ඇතැයි සිතා නිහඬ විය.
කොහොම හරි සුද්ධෝදන රජු තමන්ගේ ඤාතියෙක් වන වසවර්ති නම්වූ ශාක්‍ය කුමරෙකුට, තමන්ට දායාද ලෙස ලැබුණු මහියංගන රාජධානියේ බළය පසුව පැවරීය. (වසවර්ති යනු හැම යුද්ධයකදීම සුද්ධෝදන රජුට සොයුරෙක් ලෙසින් ලඟින්ම සිටි අයෙකි.) එයින් තම මළණු වූ සමන්ට ලොකු අසාධාරණයක් වූ නිසා මහාමායා ප්‍රජාපතී දේවි සුදොවුන් රජුත් සමග විරසක විය.. (දේශපාළනික ගැටලු ලොව සැමදා පවතින්නක්)
කෙසේ හෝ තම මල්ලීට සුදොවුන් රජු සිදු කල හානියෙන් කළකිරුනු මහාමායා ප්‍රජාපතී දෙවියන් අරගල කිරීම පසෙකලා, සියල්ලන්ගෙන්ම වෙන්ව සලුකන්දට ගොස් එහි විසුවාය. මහාමායා ප්‍රජාපතී දෙවියන්ව මහියංගන වැසියන් එවකට හැඳින්වූයේ මාලොකු දේවියන් නමින්ය.
ඇය විසූ ප්‍රදේශයට තව්තිසා පුර කියා එදා ව්‍යවහාර විය (අද කූරගල). එය එදා බොහෝ යස ඉසුරින් පිරුණු ලස්සන මනරම් සුර පුරයකි. බුද්ධත්වයෙන් කලකට පසු බුදු රදුනුත් මේ තාවතිංශ කියන පුරයට වැඩියා.
(සමහරු මේව කොයි විදිහකට තේරුම් ගනියිද මන්ද? ඒත් මුළාවන්ගෙන් මිදීමට නම් මේ යථාර්ථයට කවදා හෝ මුහුණ දෙන්නටම වෙනවා. කවුරුවත් කළබල වෙන්න එපා.. ගැටලුවක් ඇත්නම් එය ඇත්තේ ඔබගේ සිත තුලමද කියල නැවත නැවතත් බලන්න.)
කෙසේ හෝ ඉතින් වසවර්ති රජු එදා මහියංගන රාජධාණිය අරගෙන රාජ්‍ය කරගෙන ගියා.. (මෙතන් රැවටිමකින් හෝ බලයෙන් ගත්තද කියන්න දන්නෙත් නෑ..
කොහොමහරි ගොතම බුදුරදුන් බුදුවී නව වෙනි මාසෙදි තමයි මෙතනට වැඩල යක්ඛයින් දමනය කොට ඔවුන්ව වෙනත් පලාතකට යවන්නේ. මෙතන ලොකු දේශපාළනික ආරවුලක් පැවති තැනක්.) රාජධාණිය අහිමිවූ සුමන සමන් රජ කුමරු, සියලු රාජ්‍ය තනතුරු අතහැර දමා තම බිසවද සමගින් සපරගමුවේ පදිංචියට ගියේය..
කෙසේ හෝ මේ වසවර්ති රජුගෙන් සිදුහත් බෝසතුන්ට මෙන්ම සමන් මාමාටත් තම අභිලාශයන් ඉටුකර ගැනීමට බොහෝ බාධා කරදර පැමිණියා. ඇත්ත වශයෙන්ම කියනවානම් සුද්ධෝදන රජුට මෙන්ම මේ වසවර්ති කුමරුටත් අවශ්‍ය වූයේ මේ හෙළයට සක්විති රජෙක් බිහි කිරීමටයි.. ඉතින් ඊට සුදුසුකම් ලාභී එකම කෙනා වන සිදුහත් කුමරුන්වත් පැවිදි වූ පසු ඔවුන්ට කර කියා ගත හැකි දෙයක් නැති විය..
විටෙක අඬ අඬාත්, තවත් විටෙක රුදුරු විලෙසිනුත් සිදුහත් කුමරුන්ව නවත්තන්නට වසවර්ති රජ කුමරු කටයුතු කළා.. අන්තිමට එදා හබරණ හිරිවඩුන්න ජය ශ්‍රි මහා බෝධි මූළය ගාවදිත් මොහු මහා සෙනගක් සමග අවුත් බෝසතුන්ට විරුද්ධව සටන් දියත් කලා.. එම වෙලාවේදී දැඩිමුණ්ඩ කුමාරයා පමණයි අන්තිම මොහොත දක්වා බෝසතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේ.. අනෙකුත් බලවත් දේව රජවරු පවා බියවී පලා යද්දී ඔහු තම සිත දැඩි කොට ගෙන කඩුවත් රැගෙන බෝසතුන් වහන්සේ ලඟම සිටි බව සඳහන් වෙනවා.. මේ දැඩිමුණ්ඩ කුමරුගේ දෙමව්පියන් යක්ඛ හා නාග ගෝත්‍ර දෙකට අයත් දෙදෙනෙකි.. අදටත් එතුමන් දැඩිමුණ්ඩ දෙවියන් ලෙස සිටිමින් හෙළ බෞද්ධයාට ආරක්ෂාව සපයන බවට බොහෝ දෙනා විශ්වාස කරති.
කෙසේ හෝ මේ සියලු බලවේග පරාජය කොට අවසන සිදුහත් බෝසතුන් වහන්සේ ජයගෙන උතුම් සම්බුද්ධත්වයට පත් වෙනවා.. එහිදී එම ජයශ්‍රී මහා බෝධි මධ්‍ය මණ්ඩලයේ ශක්තියත්, එහි පිහිටි වජ්‍රාසනයේ බලයත් බෙහෙවින් උපකාරී වුනා.. එම විශ්ව ශක්තිය මේ බුදු සසුන පවතින තෙක් නොනැසී එහි පවතිනවා.. එම වජ්‍රාසනය හෝ බෝධීන් වහන්සේට කිසිවෙකුටවත් හානියක් කරන්නට නොහැකි අයුරින් ධර්මතාවයෙන්ම ආරක්ෂා වෙනවා.. එනිසාමයි බුදු දහම යටපත්වූ යුගයේ මෙම බෝධීන් වහන්සේ කාටවත් සොයා ගැනීමට නොහැකි වූයේත්.. යටපත්ව තිබූ පිරිසිදු බුදු දහම මතු වනවාත් සමගම මේ ස්ථානයන්ද මතුවුනා..
කොහොමහරි වේවා වසවර්ති රජු කියන්නේ මේ හෙළයේ ආරක්ෂකයෙකු හැටියටයි බොහෝ අය සලකන්නේ.. එතුමන්ගේ මරණින් පසු ගම්භාර දෙවියන් ලෙස හෙළයේ බුහුමන් ලබන්නේද ඒ වශවත් රජුන්මය..
එදා ශාක්‍ය, කෝලීයන් අතර දිගටම ගැටුම් පැවතියා.. වසවර්ති රජු විසින් ඉරුගලද (හිමගිර/සමන්ගිර) ආක්‍රමණය කළා. පසු කාළයේදී මෙම ශාක්‍ය, කෝලීය අර්බුධය නැවැත්වීමට බුදුරදුන්ද උපරිම උත්සාහයක් ගත් සේක. උන් වහන්සේ, වසවර්ති රජු විසින් ආක්‍රමණය කොට තිබූ, සමනොල ගිරට වැඩම කොට තම සිරිපා සළකුණ තබා.. (පෙර කළ මායිම් ලකුණු කිරීමට යොදා ගත්තේ පාද සළකුණුය) මෙය දැන් බුද්ධ දේශයක් පමණක් බව සිව්හෙළ සැමට දැන්වූහ..
එය ආරක්ෂා කිරීමේ අයිතිය කරුණාවේ ප්‍රතිමූර්තිය වූ තම සමන් මාමාටම පැවරූහ.. එතැන් පටන් දේව, මනුස්ස, යක්ක, නාග ආදී සියලු සිව්හෙළ වැසියෝ ඒ මහ අණට ගරු කරමින් සමගියෙන් විසූහ.. ඒ බුදු රජුන් තමයි බෙදී විසිරී තිබුණු මුලු හෙළයම එක්සේසත් කලේ..
(සැබෑ සත්‍ය දැක සම්‍යග් දෘෂ්ටියට එන්න නම් අන්ධ භක්තිය, මිත්‍යා මතාදිය පසෙකින් තියන්නම වෙනවා..)
සුමන සමන් රජු සෝතාපන්න වූ උතුමෙකි. ධර්මාවබෝධයට පහසුවන්නාවූ, මොළයට පෝෂණය සපයන්නාවූ, කහවණු සහ මසුරන් යන වී දෙවර්ගය සපරගමුවේ ව්‍යාප්ත කළේද මේ සමන් රජුමය. සුමන සමන් රජ මියගිය පසු දේවත්වයෙන් අදහන්නට හෙළවැසියන් පුරුදු වූහ.. කරුණාවේ ප්‍රතිමූර්තිය බඳුවූ සමන් දෙවිඳුගේ ගුණ සුවඳ අදටත් සමනොල කරුණා කරද්දී හෙළයන්ට දැනෙනවා බඳුය. නිරතුරුවම එතුමන්ගේ ආශීර්වාදය හෙළවැසි සැමට තවමත් ලැබෙනු ඇතැයි සිතිය හැක..
හොඳයි, ඉතින් කොහොම හරි අන්තිමට වශවත් රජු බුදුරජුන් ඉදිරියේ තම පරාජය පිළිගන්නවා.. එතුමන් බුද්ධ අණට ගරු කොට මහියංගන හා සමන්ගිරි පෙදෙස් සුදුස්සන්ට පවරා දී කාල තීර්ථ පුරයට හෙවත් කුසිනාටා නුවරට යනවා.. ඉපැරණි පරනිම්මිත රාජධානිය පැවතියේත් එහිමයි. අද ඒ පැත්ත වන්නේ කල්තොටයි.. එදා වසවත් දේශය වුනේ එහියි. වශවත් මාර දෙව් පුත්‍රය සිටියේ පරිනිම්මිත වශවත්තියේයි.. මෙය කුසිනාටා නුවර මිස කුසිනාරා නුවර නොවන බවත් තේරුම් ගන්න.. (කවුරුවත් කළබල වෙන්න එපා.. ගැටලුවක් ඇත්නම් එය ඇත්තේ ඔබගේ සිත තුලමද කියල නැවත නැවතත් බලන්න.)
කොහොම හරි බුදුරදුන් මේ වසවත් රජුගේ ඉල්ලීම මත පිරිනිවන් පාන්නට තෝරා ගන්නේද මේ වශවත් දේශයයි.. නමුත් බුදුන්වහන්සේ එහි පිරිණිවීමට තෝරා ගෙන එහි බුදුගලදී පිරිණිවියත් උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කටයුතු කරන්නේ කුසිනාරාවේ මහා සෑය පිහිටි ස්ථානයේදීයි.. (කවුරුවත් කළබල වෙන්න එපා..) එහෙනම් එය සිදුවූ හැටිත් නියම කුසිනාරාව කොතැනද කියාත් ඊලඟ ලිපියෙන් කතා කරමු..
සියලු දෙනාටම තෙරුවන් සරණයි..
(තවත් කෙනෙකු හෝ මිත්‍යාවෙන් මිදේවා කියන සිතින් හැකිනම් ෂෙයා/Share කොට පිං අනුමෝදන් වෙන්න..)
වසවත් රාජධානිය කල්තොට බුදුගල ප්‍රදේශය වුවහොත්
ReplyDeleteරුවන්වැලි සෑය පුදබිම් උරුවෙල ජනපදයට හෝ යක්ක පාලන ප්‍රදේශයට අයිති වෙන්නේ.
එතකොට ත්‍රිපිටකේ සදහන් වන්නේ මල්ල රජ දරුවන්ගේ කුසිනාරාමේදී පිරිනිවන වුනා කියලා.
මේක එකිනෙකට එකක් ගැලපෙන්නේ නෑනේ.
Meya kiyanne Piriniwana Kusinatawe unakiyala thama neda?...but funeral eka karala thiyenne Maha Seya langa.. point ekak thiyanawa
Deleteමහා මායා දේවිය ගෙ ගම කොළොම්පුරය නම් බෝසත්ම තුමා මහනුවර දිගන බඹරගල ප්‍රසූත ලේන් උපන්නේ කොහොමද?
ReplyDeleteපණිත රජ තුමා ගෙ මාලිගාව තමයි සුදම්පාය කියන්නේ සක්දෙවිඳුගෙ සුදම් සභාව රැස්වෙන වා කියන්නේ මේ මාළිගයටනේ එතකොට බඹගල සෙල් ලිපිය බොරුද ?
අනික වංශවත කියන්නේ සුද්ධෝදන රජුගේ සොහොයුරා අමිතෝදන තුමානේ, වේසාලි නුවර
රජ කලේ ඔහු නේ...
මෙත්තෙය්‍යය වර්ගයේ තිබෙනවා.
තව දෙයක්,නන්ද කියන්නේ අම්මගෙ නංගිගේ පුතා, තිස්ස කියන්නේ පියාගේ මල්ලිගේ පුතා කියල තිබෙනවා (සිංහල අනුවාදය නොව, එහි තිබෙන භාශාව ලිහා බලන්න පුළුවන අයට වටහාගන්න පුළුවන්) එයාලා හිටියේ වෙසාලි නුවර කියලා.🤔 ඇයි මෙහෙම කියන්නේ ඔබතුමන්ලා විස්තර නොබලා.
************
*************
කෙසේ වෙතත්.,අප ගොතම ශාක්‍ය මුණින්ද්‍රයාණන් වහන්සෙ දේශනා කලේ, වර්තමාන මොහෝතේ ජීවත්වෙන්න කියලයි, අතීතයත් එපා, නූපන් අනාගතයත් එපා, මේ *වර්තමාන මොහෝතේ තමා තුළින් තමා දැක තමාගෙන් තමා මිදී නිදහස් වීම යන කරුණයි*
ඉතිං ඔබ සියළු දෙනාම එය එසේම දැක ගනිත්වා.🙏