බුදු දහමේ සඳහන් එක්තරා දහම් සංකල්පයක් ඉතිහාසයට ඈඳා කිසියම් පිරිසක් විසින් කරන ලද විකෘතියක් පිළිබඳව අප කලින් ලිපියෙන් කතා කලා ඔබට මතක ඇති.. සින්දු
දේශය හෙවත් භාරතයට ඉන්දියා නම ආදේශ වූ හැටිත්, අශෝක,මහින්ද,
සංඝමිත්තා ආදී නම් පුද්ලාරෝපණය වූ හැටිත් එහිදී පැහැදිලි වුනා.. කොහොම හරි අද වන
විට මේ ආරෝපනය කරන ලද නම් ඉවත් කර ඉතිහාසයක් ගැන අපට කතා කරන්නවත් බැරි තරමට ඒවා ඇතුලටම කා වැදිලයි තියෙන්නේ.. ඒනිසා අපත් සියුම් ලෙසින් ඒ නාමයන්ද සම්මත ලෙසින් සම්බන්ධ කරගෙනම ඉතිහාස කතාව තව ටික කලක් වෙනකම් එහෙමම කරගෙන යමු.. නොමැති නම් සමහරුන්ට එය තවත් අවුලෙන් අවුලට පත්වන හේතුවක් වෙන්න පුලුවන්..
හොඳයි..අපි තව දුරටත් විස්තර සොයා යමු. අශෝක කියන නම ආදේශවූ මහ රජ කෙනෙක් මේ අපගේ හෙළ භූමියේ සිටියා.. (ඒ රජුගේ සැබෑ නම කුමක්ද කියා හොයා ගන්නට මෙහිදී ඔබගේ සහායද අවශ්‍යයි) අපි එතුමන්ට ගාමිණී අභය කියා කියමු.. (සමහරවිට අශෝක නම ඇති දෙදෙනෙක් හෝ තවත් අය වෙන්නත්
පුලුවන්). කොහොම හරි බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 275කට පමණ පසු අශෝක රජ කෙනෙකුගේ කාලයේ තෙවන ධර්ම සං ගායනාවක් සිදු වෙනවා.. රජගල සප්තපර්ණි ගල්ගුහාව තුලදී මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙනුයි මේ ධර්ම සං ගායනාව සිදුවන්නේ. එකල මහා ශාසනික විප්ලවයක්ද සිදු වෙනවා.. දිවයිනේ සෑම ප්රදේශයකටමත්, විදේශ වලටත් මෙහිදී ධර්ම ප්රචාරක කණ්ඩායම් පිටත් වෙනවා. එහිදි ගාමිණී අභය (අශෝක) මහ රජුගේ පූර්ණ සහාය ඊට ලැබෙනවා..
ගෝතම බුද්ධ කාලයේදී මේ දිවයින පොළවෙන් මීට වඩා විශාලවයි පිහිටා තිබුනේ.. එය අද ඉන්දියාව නමින් හඳුන්වන භාරතය පැත්තට වෙන්නටයි විශාලව පැවතියේ.. එකල කරත්ත වලින් භාරතයට යාමට පුලුවන් විදියට පාරක්ද (පාළමක්) තිබී තිබෙනවා.. (ඒ විස්තර පසුව කතා කරමු).
එසේම මේ මහ රජු විසින් මුළු දිවයිනම එක්සේසත් කොට අධිරජෙකු බවට පත්වෙනවා.. ඊට පෙර කාලයේ මේ හෙළ දිවයින කොටස් දෙකකින් යුත්ත වූවා.. ඒ දඹදිව හා ලංකාදිව (ලක්දිව) වශයෙනුයි..
මේ දඹදිව හා ලක්දිව දීප(දේශ) දෙකට වෙනම පාලනය වුණු, වංශකතා
දෙකක් යටතේ පැවති දෙකක්. දීප වංශයෙන් දඹදිව කොටසේ රාජ නාමාවලිය විස්තර කෙරුණි. මහා වංශයෙන් විස්තර කෙරුනේ ලක්දිව රාජ නාමාවලියයි.. බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 800කින් පමණ පසු කිසියම් භාරතීය ආක්රමණික පිරිසක් විසින් මේ මුල් මහාවංශය විනාශ කොට විජයගෙන් පැවත එන වංශ කතාවක් ලියා සිංහලයාට අලුත් කතා පරිච්ඡේදයක් හදනවා.. මෙය සම්පූර්ණයෙන්ම අපගේ සිංහල ඉතිහාසය විනාශ කිරීමට කරන ලද මහා කුමන්ත්රණයකි..
ඇත්තටම ඔවුන් මෙතනදී කරන්නේ අපගේ හෙළ දඹදිව සිටි රාජ පරපුර භාරතයට
රැගෙන ගොස් ඔවුන් ලියා දුන් අවුරුදු 2600කට සීමා කළ නීච ඉතිහාසයක් සිංහල අපට උරුම කර දීමයි... අපගේ දඹදිව නගර ජනපද ඇතුලුව හෙළ දේව හා මනුස්ස කියන රජවරු සියල්ලම ඉන්දියාවට රැගෙන ගියාහ..
එපමණක් නොව අපගේ හෙළ බුදු රජුන්ද ඉන්දියාවට වැඩමවා ඔවුන්ගේ ජෛන
මහාවීර තුමන් සමග සමග හුවමරු කොට, පතංජලී, දේව සංකල්ප ආදිය නිසි පදමට කළවම් කොට සකසන ලද නව බුද්ධාගමක්ද අපට උරුම කර දුන්නාය... අහෝ දුකක්මය.. මේ කතාව අද සිටින සියල්ලන්ටම කෙසේ නම් පහදා දෙන්නද? බුද්ධිමතුන් පමණක් හෝ මේ කතාව වටහා ගනිත්වා...
කැළණි තිස්ස රජුගේ කාලයේ ඇතිවූ මහා මුහුදු ගොඩ ගැලීමකින් (සුනාමියකින්)
පසු ලක්දිව නාග හෙළ දීපයට අයිති කොටසක් මුහුදට යට වුනා. එසේම අප බුදුරදුන් පහල වන්නට ප්‍රථමත් ඊටත් වඩා විශාලව තිබූ ලංකාදීප තවත් විශාල කොටසක් මුහුදු ගොඩ ගැලීමකින් යටවී ගොස් ඇති බව සඳහන් වෙනවා. එනම් ඒ රාම රාවණ යුධ ගැටුම් පැවති කාලයේදීයි..
මේ මුහුදට යටවීම් සමගම අපේ ඉතිහාසයේ ඉතා වැදගත් තැන්ද සුනාමියට යටවී ගියා.. එනිසාම පසුකාලිනයන්ට දඹදිව, ලක්දිව අග මුල් මාරු වුනා.. සමහරුන් හිතා මතාමත් දෙපැත්ත මාරුකොට පටලවා හෙළ ඉතිහාසය විකෘති කලා.. එසේ නොමැති නම් එදා සුනාමියට ගහගෙන ගිය ලංකා ඉතිහාසය නැවත ලියන කොට අගමුල් පැටලුනා... කෙසේ හෝ දඹදිව භාරතයට ගගගෙන ගොස් විසි වුනා..
ඇත්තටම කියනවනම් එදා ලංකාදිව කියා කීවේ මේ හෙළයේ බටහිර, වයඹ පැත්තට වෙන්නට පිහිටි කොටසක් ඇතුලුව අද භාරතයේ කොටසකටයි.. එවිට දඹදිව වූයේ ඉන් ඉතිරි කොටසයි. අද අප රටේ තිබෙන නැගෙනහිර, ඌව, දකුණ, සපරගමුව, මධ්‍යම, උතුරුමැද, වයඹ ආදී සියල්ලම එදා දඹදිවට අයත්ය.. එසේම උතුරු, බටහිර පළාත්වල සමහර කොටස්ද මේ දඹදිවටම අයත්ය.. මේ දඹදිව කොටසේ දේව හා මනුස්ස කියන ජන කොටස් දෙකම සිටියාහ.. ලංකාදිව කොටසේ නාග, යක්ක කියන ජන කොටස් සිටියාහ..
දැන් අපි තව පොඩ්ඩක් දුරට එහාට වෙන්නටත් ඉතිහාසය පැත්තට යමු...
ගෝතම බුද්ධ යුගයට අවුරුදු දෙතුන් සියයක් එහාට වෙන්නට රාවණ නමින් සක්විතු රාජ පරපුරක් සිටියා.. එහි අවසන් රාවණා රජුගේ පුතණුවන් වූ මේඝනාද හෙවත් ඉන්ද්‍රජිත්ගේ කාළයේ මහා යුද්ධයක් හට ගන්නවා..
දේව වංශික පරපුරෙන් පැවත ආ දසරථ රජුගේ පුත් කුමරෙකු (රාම) හා ඉන්ද්‍රජිත් (රාවණ) අතර යුද්ධයක් ඇතිවෙනවා.. දසරථ රජු සිටියේ අපගේම හෙළයේ එදා පිහිටා තිබුණු අයෝද්‍යා නුවරය.. හෙවත් දඹදිව් කොටසේය. අපගේ දීපවංශයේද මේ පෙළපත සඳහන්ය. (මේ රාම රාවණ පරපුරවල් ගැන පසුව කතා කරමු.)
කොහොම හරි එදා දණ්ඩකාන්යය පිහිටියේ අද ඉන්දියා කොටසේය. එය වානර යක්ක නායක සුශ්රීවගේ නායකත්වය යටතේ තිබුණි. වානර යක්ක සෙන්පති හනුමාන් භාරතයේ සිට සේනාවත් සමග ලංකා කොටසට එනවා රාම හා ලක්මන්ට සහාය දැක්වීම සඳහා.. එවිට රාම හා ලක්මන් හෙළ දඹදිව කොටසේ සිට ලංකා කොටසට යනවා සීතාව බේරා ගැනීමට.. එහිදී කැළණිය ප්‍රදේශයේ සිටි විභීෂන රජුගේ සහායද රාම කුමරුට හිමි වුනා..
මේ ඉන්ද්‍රජිත් රජු (අද සමහරුන් මොහුට රාවනා කියලත් කියනව) ඉහිත කී ලංකාදිව කොටසේ හිටි කෙනෙක්. ඔහුට අද දකුණු ඉන්දියාව දක්වා ඇති රාජ්‍ය පාලන ප්‍රදේශයක් තිබුනා.. උපේන්ද්‍ර සහ කෝවේසස්ථාන යනු ඉන්ද්‍රජිත්ගේ පුතුන් දෙදෙනෙකි. පසුව ඔවුන් ලංකා කොටසේ පාලනයන් ගෙන යනව.
කොහොම හරි මේ යුද්ධය පැවති සමයේ ලක්දිව එක් කොටසක් මුහුදට යට වෙනවා.. තවත් කොටසක් යට වන්නේ කැළණියේ සිටි කැළණි තිස්ස රජුගේ සමයේදීයි..
ඇත්තටම මේ කියන අපේ අශෝක මහරජු හා දුටුගැමුණු රජු දෙදෙනෙක්ද?
නැත්නම් එක්කෙනෙක්ද? එක්කෙනෙක් කියා කීවොත් මහාවංශයේ කාළ පරිච්ඡේද පිළිබඳ ගැටලුවක් මතු වෙනවා කියා ඔබට සිතෙන්නට පුලුවන්. (අශෝක හා දුටුගැමුණු කාල පරතරය අවුරුදු 100ක් පමණ වේ). බුද්ධ පරිණිර්වාණයෙන් අවුරුදු 950කට පමණ පසු මහානාම හිමියන් විසින් ලංකාපුර රාජ නාමාවලියෙන් පමනක් පටන් ගෙන ලියූ ලංකා මහාවංශ කතාව වැරදියට ග්‍රහණය කර ගැනීම අද ගැටලු රාශියකට හේතුප්පන්නවී ඇත.
මහානාම හිමි ලියූ මහාවංශයේ පරිච්ජේද 6 ක්ම වෙන්කර තිබෙන්නේ දුටු ගැමුණු රජතුමා වෙනුවෙන් බව අප දන්නවා.. ඇත්තටම කියනවනම් මේ මහාවංශයේ සමහර තැන්වල මහා වියවුල් තැන් තිබෙනවා.. අපි ඉන් එක් තැනක් බලමු. මහාවංශයට අනුව මුඨශිව රජ වන්නේ ක්‍රි.පූ 366 දීයි. ඔහුගේ බාල පුත් අසේල රජ වන්නේ ක්‍රි.පූ 214 දීයි. ඉතින් මේ අතර කාල පරතරය අවුරුදු 152ක් වීම හාස්‍ය ජනක නොවේද? මෙවැනි පරස්පර තැන් හා අභෞය තැන් වලින් අනූනවයි මේ මහාවංශය ලියවෙලා තියෙන්නේ..
කොහොම හරි සිංහලයා පස් ආකාරයකින් නීච කොට ලියූ මේ මහාවංශය බොහෝ දේ කණපිට ගසා තිබෙන බව අප හොඳින්ම දන්නවා.. අපගේ අශෝක මහරජුන්වත් අනෙක් රජවරුන් මෙන්ම භාරතයට සම්බන්ධ කොට කතාව ලස්සනට ලියා තිබෙනවා.. එසේම දුටු ගැමුණු රජු හා මිශ්‍ර කොට පැටලැවීම්ද කොට තිබෙනවා..
ස්වර්ණමාලී මහා සෑය හැදුවේ දුටුගැමුණු කියාද පටලවා තියෙනවා..
ස්වර්ණමාලී මහා සෑය පසුකාලීන රජවරුන් විසින් ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නට නම් ඇති. එහෙත් මේ මහා සෑය වෙහෙරක් හැටියට නිර්මාණය කරන්නේ අපගේ අශෝක නම්වු අභය රජු විසින්මය..
ඒ බව තහවුරු කර ගැනීමට කොතෙකුත් තොරතුරු ඉතිහාසයෙන්ම අපට සොයා ගත හැකි වනු ඇත.. මෙන්න එවැනි එක් කතාවක්..
''දෙවියෝ හිමාලයෙන් නාග ලතා රිකිලිත්, බෙහෙත් අරලු හා බෙහෙත් ඇඹුලුත් අඹත් ගෙනැවිත් අශෝක රජතුමාට දුන්හ. මහා ස්ථූපයේ අත්තිවාරමට පළිගු කැට ගෙන ආවේද හිමාලයෙනි.''
මොකක්ද මේ කියන්නේ? දෙවියෝ හිටියේ අපේ දේව හෙළයේ. මෙතන මේ කියන්නේ අපේ හෙළයේ සිටි අශෝක රජු ගැනයි. මහා ස්ථූපය කියන්නේ රුවන්වැලි මහා සෑයටයි. එහි අත්තිවාරමට පළිගු කැට ගෙනත් ඇත්තේ මැණික් තියෙන සමන්ගිර පැත්තෙනුයි. එහෙම නැතුව මේ කියනේ අපේ වෙහෙර හදන්න එවරස්ට් කන්දෙන් පළිගු කැට ගෙනාවා කියා නොවේ.. අද හිමාල කියා හඳුන්වන හිමවත එදා තිබුනේ මේ හෙළයේමය..
ස්වර්ණමාලී මහා සෑය හදන්නට හිමාලයෙන් (හිමවතෙන්) නොයෙකුත් දේ දේව
වංශිකයින් විසින් අශෝක රජුට ගෙනත් දුන් බව මහාවංශයේමත් සඳහන් වෙනවා. එහෙනම් මෙය හදල තියෙන්නේ අශෝක රජුගේ කාලයේ බව එයිනුත් හොඳින්ම පේනවා.. එසේම අනවතප්ත විලෙන් ජලය එහෙම ගෙනා කතාවලුත් සඳහන් වෙනවා නේද? ඉතින් මේ අනවතප්ත වැව් තිබුනේ කොහේද කයලත් නුවණත්තෝ හොඳටම දන්නවානේ..
එතකොට භාරතයේ සිටියා කියන අශෝක රජු කවුද? ඇත්තටම කියනවනම් භාරතයේ සිටියේ 'දේවානම් පිය පියදසි ලාජ' කියා කෙනෙකු විනා අන් අයෙකු නොවේ. ඔහු සිටියේ භාරත දක්වා විහිදුණු ලක්දිව කොටසේයි. (දෙවන පෑතිස් කියන්නේත් ඔහුම විය යුතුයි). අපගේ හෙළ දඹදිව සිට ඒ ලක්දිවට බුද්ධ ධර්මය ව්‍යාප්ත වෙනවා.. ඔහු පසු කලෙක බුදුදහම වැළඳගෙන අශෝක කියා ප්‍රසිද්ධ වෙනවා..
අපගේ අශෝක රජු හා ලංකාවෙ සිටි දේවානම්පිය රජු දෙදෙනා සමකාලීනයින්ය..
ඊට අවුරුදු 100 කට පමණ ටික කාලයකට පසු මුහුද ගොඩ ගැලීමකින් අනතුරුව භාරතය වෙනමත්, හෙළබිම වෙනමත් සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා.. එතැනින් පසු සියල්ල අවුල් වේනවා.. තවත් අවුරුදු 500ක් පමණ ගියපසු ඉතිහාසය ලියන්නන් අතින් ලියවුනේ විකුර්තිවූ ඉතිහාසයකුයි..
පසුකාලීනයින් විසින් ඉන්දියාවෙන් අශෝක ධර්මය හෙළදිවට ගෙනාවා කියා ඉතිහාස කතාව හදනවා…
කොහොම හරි ක්‍රි.ව. 1850 න් පසු ඉංග්‍රීසීන් අතින්ගෙන් මේ වැරදුණු ඉතිහාසයට තව තවත් පොහොර දැමෙනවා.. ඔවුන්ගේ දැනුවත් කමින් හෝ නොදැනුවත් කමින් දඹදිව භාරතයටම ආදේශ කොට ලියාපදිංචි කරනවා...
හොඳයි එහෙනම් අදට මෙතනින් නවතමු.. ගොඩාක් දේ මෙහි කියවුනා.. මේ
ගැඹුරු තැන් සමහරවිට හැම කෙනාටම නිරාකරණය කර ගන්නට නොහැකි වෙන්නත් පුලුවන්. ඒත් මේ විස්තර ටික දැනගෙන තිබීම ඉදිරියේදී හෝ බොහෝ ගැටලු නිරාකරණය කර ගන්නට ඉවහල් වේවි...
තෙරුවන් සරණයි..
No comments:
Post a Comment