Friday, February 16, 2018

බුදුවරුන් වැඩසිටි හෙළබිම



   දැන් කවුරු කොහොම මොනව කිව්වත් බුදුවරුන් පහළවන භූමිය නම් මේ හෙළබිමම බව ප්‍රත්‍යක්ෂවී හමාරයි. එය නැහැයි කියල ඔප්පු කරන්නට මොන ජගතෙකුටවත් දැන් නොහැකියි.. එහෙත් තවම මෙම සත්‍යතාව දුටුවේ මෙරට ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණයි. එනමුත් මේ වනවිට යථාතත්වය අවබෝධ කරගෙන යන පිරිස සීග්‍ර මට්ටමකින් ඉහල යමින් පවතිනවා. තව අවුරුදු 10ක් වන විට මෙලක හෙළ වැසියන්ගෙන් 90% ඉක්මවූ ප්‍රතිශතයක් සහමුලින්ම මෙහි ඇත්ත තත්වය වටහා ගන්නවා ඇත. ඒත් එක්කම බුදුවරුන් වැඩසිටි දේශය මේ හෙළබිම කියන ඇත්ත මුලු ලෝවැසියාමත් තේරුම් ගන්නවා..

    ඒ වන විට පිරිසිදු බුදුදහම සොයාගෙන සතර දිග්භාගයෙන්ම ලෝවැසියා මෙරටට පැමිණෙනවා.. එහිදී ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකියත් සැබෑ වෙනවා.. ලොව පුරාම සැබෑ බුදුදහම ව්‍යාප්ත වෙනවා.. සියලු දේව, ආගම්, මිත්‍යා ඇදහීම් පහතට වැටෙනවා.. අප දැනට අදහන බෞද්ධාගමික මිත්‍යා මත ටිකද ඛණ්ඩණයවී නියම බුදුදහම බොහෝ අය අතින් අනුගමනය කෙරෙනවා..

   දැනට පවතින අර්ථ ශූන්‍ය සාම්පදායික ආගමික මති මතාන්තර ක්‍රම්යෙන් සුණු විසුණු වී යනවා.. මේ සත්‍ය දහම අවබෝධ කරගෙන ඊට අනුගත වන අය බැබලීමටත්, දෙලොව දියුණුවටත් පත් වෙනවා.. අන් මිත්‍යා මත දරණ අය සමාජයෙන් වඳ වීගෙන යනවා.. තව දුරටත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසේම මගඵල ලාභීන් බිහිවෙනවා.. බුදුදහම බොහෝ අයට සරල දිවි පැවැත්මක් බවට පත් වෙනවා..

    සමහරුන් නොදන්නවා වුනාට විවිධ විශ්ව ශක්තීන් හෙළයේ ජයග්‍රහණ උදෙසා දැන් දැන් ක්‍රියාත්මක වෙන්නට පටන් අරන් තිබෙනවා.. ඉදිරියට මේ හෙළයට සැබෑ හෙළ රජවරු පහළ වෙනවා.. ඒ රාජ පක්ෂපාතී පිරිස විසින් බුදුවරුන් උපන් මේ හෙළබිම සත්‍ය කරලියට ගෙනෙන්නට සියලු රාජ්‍ය අනුග්‍රහය දක්වනවා.. එය එසේම සිදුවෙන තෙක් අප ඉවසා සිටිමු..

    හොඳයි මේ ගමන යන්නට අප සැම දෙනාම එක්වී මේ වන විට මූලික අදිතාලම දමා අවසන්. මේ අත්තිවාරම දමන්නට මූලිකවූ සියලු ගිහි පැවිදි උතුමන්ලාට අප සැමගේ විෂේශ ගෞරවාදරය පුදකල යුතුය..
     ඇත්තටම මේ වනවිට යම් සැලකිය යුතු පමණක ඉතිහාසය අප සොයා අවසන්. එනමුත් ඒ සොයාගත් හෙළ ඉතිහාසයේද යම් යම් වැරදි අඩුපාඩු කම් නැතුවාම නොවන බව අප කවුරුත් තේරුම් ගත යුත්තකි. ඒ අඩුපාඩු තැන්ද අප වහාම නිවැරදි කර ගත යුතු වෙනවා.. මක්නිසාද යත් එසේ නොකොට යම් දෙයක් හෝ සැඟවුවහොත් ඉදිරියේදී ඒ තැන් වලින් විශාල අයහපතක් සැමටම සිදුවෙන්නට ඉඩ ඇති නිසයි..

     එනිසා අප කවුරුත් කිසිම අයුරකින්වත් අන්තවාදිත්වයකට නොයා සැබෑ සත්‍යම මතු කර ගැනීමට වෙර දැරිය යුතුයි. අවුරුදු දහස් ගනනක වැරදි ඉතිහාසයක් නිවැරදි කරගත් අපට අනෙකුත් වැරදි හදාගැනිම එතරම් ගැටලුවක් නොවේ.. එහෙනම් වැඩේට බහිමු නේද..?
    මම හිතුවා කොටස් වශයෙන් අලුත් ලිපි කීපයකින්ම සරලව මේ ගැන කතා කලොත් හොඳයි කියා.. ඒක ෆේස්බුක් හරහාත් ඊට වෙන්වූ මේ බ්ලොග් එක හරහාත් ඉදිරියට කතා කරමු. හොඳයි එහෙනම් අපි ඊලඟ ලිපියේ සිට ස්වර්ණමාලි මහා සෑයේ කතාවකින් හමුවෙමු..
                                හෙළයින්ට සදා ජය වේවා..

3 comments:

  1. ජය වේවා හෙළ බුද්ධ සක්විති මාතෘ භූමියට සහ හෙළ බොදුනුවන්ට ජය වේවා නිවනම වේවා..........

    ReplyDelete
  2. නිබිබාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

    ReplyDelete

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07

සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත් , එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත් , ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත් , තවත් බොහෝ...