Friday, February 23, 2018

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..03



     ස්වර්ණමාලී මහා සෑයේ දෙවෙනි කොටසෙන් එදා මම කිව්වා මෙහි පොළොව යට තියෙන මහා විශ්මිත දේවල් ටිකක් ගැන.. ස්වර්ණ මහ අලි හත් දෙනෙකු නිසා ස්වර්ණමාලී නම වැටුනු හැටිත් එදා කීවා නේද? එහෙනම් මෙහි තවත් පසුබිමක් ගැන කාතා කරන්නට කලින් ඊටා අත්‍යවශ්‍ය වන දහම් සංකල්පයක් අද මුලින්ම ඉගෙන ගෙන ඉමු... මෙය ඉතාම වැදගත්ය…
 
අශෝක රජවරු හා ඉන්දියා දහම් සංකල්පය. අරිය උතුමෙකු දිවැසින් දැක හෙලි කරයි..

      මේ අප කවුරුත් පටලවාගෙන තියෙන සංකීර්ණ තැනක්.. මෙන්න මුල.. පුලුවන් අය මෙතනින් හෙමීට ගැටලුව ලිහාගන්න.. නොහැකි අය කළබල නොවී පැත්තකට වෙන්න..
හොඳයි, අපේ කතාව තියෙන්නේ මෙහෙමනේ.. ඉන්දියාවේ මහරජ කෙනෙක් හිටියා ධර්මාශෝක කියලා.. ඒ ධර්මාශෝක රජුට දරුවෝ දෙන්නෙක් හිටියා.. ඒ දෙන්නාගේ නම් තමයි මහේන්ද්‍ර(මහින්ද) හා සංඝ මිත්‍රා(සංගමිත්තා) කියන්නේ..
ඒ මහින්ද මහරහතන් වහන්සේ හෙළදිවට ඇවිත් ධර්ම දේශනා කළා..බුද්ධඝෝෂ හිමියන් ඒ ධර්මය හෙල අටුවා වලට ගත්තා.. අරගෙන මෙහේ ධර්මය දේශනා කලා.. ඔය විදියට තමයි විස්තරය යන්නේ.
      හොඳයි දැන් බලමු ඉන්දියා කියන්නේ මොකක්ද කියලා.. සින්දු හෙවත් භාරත දේශයට ඉන්දියාව කියල භාවිතා කිරීමක් බුද්ධ කාලයේ තිබී නෑ.. පසු කාලයේ ඒහේට ඉන්දියාව කියල හදාගත් වචනයකුයි ඔය තියෙන්නේ.. ඒ කොහොමද කියල දැන් බලමු.

      යම් කෙනෙක් දහම් අසල නිවන් අවබෝධ කර ගන්නට නම් ඉන්ද්‍රිය 5 ක් සම්බන්ධ වෙන්නට ඕනි.. ඒ ඉන්ද්‍රිය 5 තමයි.. සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියල කියන්නේ.. මේ ඉන්ද්‍රිය එකිනෙකට යා වෙන්නට ඕනි.. සද්ධා ඉන්ද්‍රිය වීරිය ඉන්ද්‍රියට යා වෙන්න ඕනි.. වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රියට යාවෙන්න ඕනි. සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රියට යා වෙන්න ඕනි..  සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රියට යා වෙන්න ඕනි.. මෙහෙම එකිනෙකට යා වෙලා තමයි මහා ඉන්ද්‍රිය හැදෙන්නේ..
       ඉතින් එහෙම හැදෙන්නේ අශෝක ධර්මයෙන්.. අශෝකං කියන්නේ නිවනයි.. එවිට අශෝක ධර්මය කියන්නේ නිවන් දකින දහමයි.. එතකොට අශෝක ධර්මය තමයි රජුරුවෝ වෙන්නේ.. ඒ කියනේ හැම කෙනාගෙම රජුරුවෝ ධර්මයයි.. ධර්මය තමයි ගුරුවරයා.. ධර්මය තමයි රජුරුවෝ..
      එතකොට අශෝක ධර්මය අරගෙන ඉන්ද්‍රිය යා කරන්න ඕනි අරිහත්වයට පත් වෙන්නට.. එතකොට ඉන්ද්‍රියාවේ රජ්ජුරුවො ධර්මාශෝක... අශෝක ධර්මයට කීවේ ධර්මාශෝක කියලයි.. ඉන්ද්‍රිය යා කරනවට තමයි (ඉන්ද්‍රියාව) ඉන්දියාව කීවේ...
එතන ඉන්ද්‍රිය යා කර ගත්තම මහ ඉන්ද්‍රියක් හැදෙනව.. මහ ඉන්ද්‍රිය තමයි මහෙන්ද්‍ර (මහින්ද)..  එහෙනම් රහතන් වහන්සේලාට තමයි සංඝයා සමග මිත්‍රත්වය තියෙන්නේ.. සංඝයාගේ මිත්‍රත්වය සංඝ මිත්‍රා (සංගමිත්තා)..

       එතකොට ධර්මය නැමති පියාගේ දරුවෝ දෙන්නා තමයි ධර්මය සහ විනය කියන්නේ.. එහෙම නැත්නම් මහින්ද හා සංගමිත්තා.. එතාකොට ඒ අයට තමයි හෙළ දිවක් තියෙන්නේ.. හෙළ දිව කියන්නේ ශුද්ධ කට හඬක් හෙවත් ශුද්ධ භාෂිතයක්.. එහෙමත් නැත්නම් ශුද්ධ භාෂාවක්.. ඉතින් හෙළ දිවට ඇවිත් බුද්ධ ඝෝෂා පිටවුනා.. එවිට අනිත් කෙනා අර්ථය දැනගත්තා.. බුද්ධ ඝෝෂ අර්ථය දුන්නා කීවේ ඕකටයි... ඒ අර්ථයෙන් නැවත ගත්තාම අශෝක ධර්මයයි.. 

      ඉතින් ඉන්ද්‍රිය යා කරල හදා ගන්නවා ප්‍රදේශයක්.. ඉන්ද්‍රිය යා කරන්නේ සතර සතිපට්ඨානයෙනුයි.. සතිපට්ඨානයෙන් ඉන්ද්‍රිය යා කර ගත්තාම, සතිපට්ඨානය තමයි බුද්ධ භූමිය වන්නේ.. එතකොට ඉන්ද්‍රියාව බුද්ධ භූමිය කියල හදා ගත්තේ ඔන්න ඔතනින් තමයි... බුද්ධ භූමියෙන් මහ ඉන්ද්‍රියා ආවම මහින්ද ඉන්දියාවෙන් ආව කියල හදා ගත්ත.. සංගමිත්තත් එහෙන් ආව කිව්ව.. සංඝයා සමග මිත්‍රත්වයෙන් තමයි රහතන් වහන්සේ සිටින්නේ. රහතන් වහන්සේ තුල සියලු භෙද ඉවරයි. සමගියකුයි තියෙන්නේ.. එහෙනම මහින්ද සහ සංගමිත්ත කවුද කියල ඔයාල තේරුම් ගන්න...  

      ඇත්තටම මේක දහම් සංකල්පයක්.. මේ දහම් සංකල්පය පසු කාලයේ ඉතිහාසයට ගෙතුවා.. එහෙම ගොතල ඉතිහාසයක් හැදුව.. මේක ඉතා ගැඹුරු තැනක්.. හැම කෙනාටම තේරුම් ගන්න අමාරුයි... තේරුම් ගත්තොත් ගොඩ..  මේ ඔක්කොම විනාශ කරන්න තමයි මහාවංශය සිංහලයාව පස් ආකාරයකින් නීච කරල අමුතු කතාවක් හැදුවේ... මේ උඩු යටිකුරු වෙන තැනක්.......
     එහෙනම් අශෝක, ධර්මාශෝකල කවුද කියල දැන් ඔයාලට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනි.. ඇත්තටම අශෝක කියල එක් රජෙක් භාරතයේවත් මේ හෙළ දීපයේවත් හිටියේ නෑ.. හැබැයි මේ 'අශෝක' කියන නම දාගත්ත රජවරු දෙපැත්තෙම හිටියා... භාරතයේ සිටි පියදසි ලාජාද එවැනි එක් කෙනෙක්.. ඔහු පසුව බුදු දහම වැළඳගෙන අශෝක ධර්මයෙන් එරට පාලනය කරනවා.. මෙරට පැවති සියලු ධර්මාකෘතීන් එහේ නිර්මාණය කරනවා.. 
      පසුකාලීනයන් ඔහුට අශෝක කියා ව්‍යවහාර කරනවා.. ඔහු මෙරටින් ධර්මය ගෙන එහි ව්‍යාප්ත කළා මිස එරටින් මෙහේට ගෙනා දහමක් නම් නැත්තේමය...
එසේම අප රටේද අශෝක රජවරුන් සිටියා.. ඉන් එක් අයෙක් තමයි ගාමිණී අභය කියන්නේත්... එතුමන් විසින් ස්වර්ණමාලී මහා සෑයද ප්‍රතිනිර්මාණය කරනවා... 

 මෙතනදී මෙහෙම දේකුත් තියෙනවා.. 'අශෝක', 'මහින්ද' 'සංගමිත්තා' ආදී දහම් සංකල්ප නාම යොදාගත් පුද්ගලයින්ද කොහොමහරි පසුව ඉතිහාසයට ඇතිවුනා.. හැබැයි මේ අයගේ සැබෑ නම් වෙන එකක් වෙන්න පුලුවන්.. ඒ නමම උපතින් දාගත්ත අයත් ඒ  අතර වුනාද කියන්න දන්නෙත් නෑ..
ඉතින් ඒ වගේ 'බුද්ධඝෝස' නම පටබැඳි අයත් ඉන්න පුලුවන්. එහෙම කෙනෙක් අතින් සමහරවිට යම් යම් දේවල් සිදු වෙන්නත් පුලුවන්. කොහොම වුනත් අප බොහෝම සීරුවෙන් මධ්‍යස්ථව මේ වගේ තැන් ලිහා ගන්නට වෙනවා.. එය තමයි සැබෑ හෙළ ඉතිහාස ගවේශණය...

එහෙනම් අපි ආයිත් හමුවෙමු.. ඔයාලාට හිතන්න දේ ගොඩාක් මෙහි ඉතුරු කරලා ඇති....... 
තෙරුවන් සරණයි...

1 comment:

  1. ඉන්දියාව යන නම එන්නේ 17වන සියවසේන් පස්සේ වගේ.
    එතකොට ඔබ නිරුක්ති දුන්න දහම් අරුත එන්නේ ඒ කාලේ, ඊට කලින් කිසිවෙක් ඉන්දියාවක් හෝ ඉන්දියාවේ අශෝක කෙනෙක් පිළිබද සදහනක් කර නෑ. මහාවංශයේ පවා සදහන් වන්නේ දඹදිව අශෝක කෙනෙක් ගැන.

    පැහැදිලි කරන්න පුලුවන්ද මේක?

    ReplyDelete

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07

සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත් , එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත් , ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත් , තවත් බොහෝ...