Tuesday, February 20, 2018

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු.. 02



ස්වර්ණමාලී මහා සෑය පිහිටි භූමිස්ථානය වෙත සිව් බුදුවරයන් වහන්සේලාම වැඩම කොට ඇති බව මහාවංශයෙන්ම කියන  කරුණු වලින් මුල් ලිපියෙන් ඔප්පු කලා මතකයිනේ.. ඇත්ත වශයෙන්ම කියනවා නම් කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෝතම කියන බුදුවරයන් වහන්සේලා සතර නමම වැඩම කළ විශේෂ පූජණීය ස්ථානයක් තමයි මෙතන..
අද අපි මෙහි පොළව යට ඇති විශේෂ සිදුවීම් කිපයක් ගැන සොයා බලමු. ස්වර්ණමාලී මහා සෑයේ පේශා වළලු දක්වා නම වතාවක් අරහතුන් වහන්සේලාගේ අධිෂ්ඨාන බලයෙන් ගිල්වූ බවට කතාවකුත් ඔයාල අහල තියෙනවා නේද?
දැනට අවුරුදු කීපයකට කලින් මේ ස්ථානයේ විශාල කැණීමක් කළා අඩි එකසිය ගනනක් යටට.. ඒත් අත්තිවාරම ඉවරයක් වුනේ නෑ. මෙච්චර අඩි එකසිය ගනනක් යටට අත්තිවාරම මේ වෙහෙරට අවශ්‍ය නැති බව ඔවුන් එහිදී නිගමනය කලා.. අන්තිමට එය වහල දාල නිකම් හිටිය.. තව බොහෝ දේවල් ඔවුන් අතින් එහිදී යට ගැසෙනට ඇති.. ඒව ලේසියෙන් එළියට එන්නෙත් නෑ. ඊට බලපාන හේතු ගොඩක් තියෙනවා.. 

ඇත්තටම මේ පරීක්ෂණ කරන්නේ බෞද්ධ අයම නොවෙයි. බොහෝ විට විදෙස් රටවලින් පැමිණි කතෝලික, මුස්ලිම් ආදී අන්‍යගමිකයිනුයි මේවායේ මූලිකත්වය ගන්නේ. මේවායේ සැබෑ තත්වයන් මතු වුනොත් ඔවුන්ගේ ආගම් වලටද දැඩි තර්ජනයක් වන නිසා තිඹිරි ගෙයි තුලම දරුවා සතපවන්නට ඔවුන් වගබලා ගනී.. අපේ අය හිටියත් වැරදි ඉතිහාස රාමුවකට කොටුවී ඇති නිසා ඒවා එහෙම්මම යට කරල දාන්න පුරුදු වෙලයි ඉන්නේ..
කොහොම වුනත් සත්‍ය යට ගැසෙන කාලය දැන් ඉවරයි.. කාලයක් මුලුල්ලේ වතුරේ යට කොට බර තබා තිබූ බෝලය දැන් උඩට එන එක කාටවත් නවතන්නට නොහැකියි..
ඇත්තටම කියනවනම් 'මහා සෑය' තමයි පස්සෙ 'ස්වර්ණමාලී මහා සෑය' බවට පත් වන්නේ.. 'මහා සෑය' ඔතන මුල ඉඳන්ම තිබුනා. පසුව හෙළයේ පහලවූ ශ්‍රේෂ්ඨ රජෙකු විසිනුයි එය මහා දාගැබක් බවට පරිවර්ථනය කරන්නේ. (ඒ මුල් විස්තර ටික අපි පසුව කතා කරමු.)

 ස්වර්ණමාලී මහා සෑය යට සැඟවී ඇති තවත් විශ්මිත දේවල් කීපයක් ගැන අපි දැන් බලමු.. සත්‍යවශයෙන්ම කියනවා නම් කියන කතාව මාහට කීමට හැකි වන්නේ ධ්‍යාන අභිඤා ලාභී ආර්ය උතුමන් වහන්සේ කෙනෙකුගෙන් අසා දැනගත් දේ අනුශාරයෙන් බව කිව යුතුය.. ඒ උතුමන් වහන්සේ කවුරුන්දැයි කියා දැන්ම  මාගෙන් නොවිමසන ලෙස ඉතා කාරුණිකව ඔබෙගෙන් ඉල්ලා සිටිනවා.. (ඊට හේතුව නම් එය හෙලි කළහොත් බොහෝ දෙනෙකුන් අරියෝපවාද වලට ලක් වන්නට ඇති ඉඩකඩ වැඩි නිසයි)

ඔය දාගැබෙන් ආවරණය වූ කොටසේ මැද තිබී තිබෙනවා රත්තරන් වලින් හදපු විශාල අලි (ඇත්) රූප හතක්.. ඒ ස්වර්ණ අලි රූප ඇතුලත හිස් විදියටයි හදල තියෙන්නේ.. ඒ ස්වර්ණ අලි රූප ඇතුලේ, අරහතුන් වහන්සේලා විසින් රන්පත් (ගිනිපත්) වල ලියූ ධර්ම පත්‍රිකා තැන්පත් කළා. එසේම අනෙකුත් තල්පත් වල ලියන ලද ත්‍රිපිටක, හෙළ අටුවාදී ධර්මයද ඒ රන් අලි රූප ඇතුලේ තැන්පත් කොට ආරක්ෂා වන අයුරින් වැසුවා (සීල් කලා).
ඉතින් ඔය ස්වර්ණ අලි නිසා තමයි 'ස්වර්ණමාලි' වුණේ. (ස්වර්ණ+මහ+අලි). එහෙම නැතුව වෙන දෙයක් නිසා නොවේ. ඔය ස්වර්ණමාලි කියන දෙවඟනක් නිසා ඒ නම ඇතිවූවා කියන කතාව පසුව හදපු ජනප්‍රවාදයක්..
 
ඒ වගේම මේ වෙහෙර ඇතුලට යන්නට පොළව යටින් රහස් උමගක් තිබී තිබෙනවා.. උමගට ඇතුල්වෙන දොරටුව තිබී ඇත්තේ වෙහෙරෙන් උතුරු පැත්තට වෙන්නට තිබුණු පොකුණු යුවලකින්. (කුට්ටම් පොකුණ). මේ පොකුණට එදා ඇතුල් වෙන්න අවසර තිබුනේ රජ පවුලේ විෂේශිත අයට පමණයි. මේ පොකුණේ සිට වෙහෙර දක්වා ගලෙන් නිර්මාණය කළ උමගක් තිබෙනවා.. 

 ඒ උමගෙන් ගියාට පස්සේ හමු වෙනවා ලොකු ගල් දොරක්.. මේ ගල් දොර අරින්නට යගදා දෙකක් අවශ්‍යයි. ඒ දොරේ සිදුරු 7ක් තිබෙනවා.. ඊට මෙහායින් තව ගල් පුවරු තිබෙනවා.. මේ සිදුරකට යගදාව දමා උත්සන විට දොර අඟල් 6 ක් පමණ ඉස්සෙනවා.. ඊට පසු ගල් කට්ට (මුක්කු) තැබිය යුතුයි. ඉන්පසු අනෙක් සිදුරට යගදාව දමා උත්සනවා.. එවිට තව අඟල් 6 ක් පමණ දොර ඉස්සෙනවා.. ඔහොම අඩි තුන හමාරක් වනකම් මේ දොර අරින්න පුලුවන්.. එතනින් තමයි ඇතුලට යන්නේ. එතනින් ඇතුලු වූ පසු පඩි පෙලක් තිබෙනවා.. ඒ පඩිපෙළ නැගල තමයි සෑය ඇතුලට යන්නේ..
මෙහි ඇතුලත වාතය පිටවෙන්නේත් අර ගල් සිදුරු වලින්ම ගොස් පොකුණෙන්ම තමයි.. ඇතුලේ තියන වාතය රත්වන විට ප්‍රසාරණය වෙලා ඒ පොකුණෙන් පිටවෙනවා.. සංකෝචණය වන විට නැවත ඇදල ගන්නවා.. මෙතන අප හුස්ම ගන්නව, පිට කරනව වගේ වැඩකුයි වෙන්නේ.. එනිසා හැමදාම මෙහි ඇතුලත වාතය පිරිසිදුයි.. එහෙම නොවුණි නම මේ වගේ විශාල සෑයක් පුපුරන්නත් පුලුවන්..
කොහොමහරි ඉතින් මෙහෙම ඇතුලට ගිහින් තව පඩිපෙලකින් නැගල ඊලඟ ශාලාවට ගියාම ස්වර්ණ මහ අලි 7 හමු වෙනවා.. ඒ වගේම එතන වටේට යන්න පුලුවන්. එතන තව චිත්‍ර කළා නිර්මාණ එහෙමත් තිබෙනවා..

වෙසක් වගේ විෂේශ කාලවලට විශේෂිත අය මේ වෙහෙර ඇතුලට ගිහින් තේවා පවත්වනවා.. මේ යන එන අය ඇතුලට යන්නේ එන්නේ බොහෝම රහසිගතවයි.. එක්තරා පිරිසක් විතරයි මේක දන්නේත්.. ඉතින් මේ තේවා පවත්වන වෙලාවට හේවිසි ශබ්ද එහෙම ඇතුලෙන් ඇහෙනවා.. ඒත් එළියේ ඉන්න අය මේක දන්නේ නෑ. කණ් දී අහගෙන ඉන්නකොට වෙහෙර ඇතුලෙනුයි හේවිසි හඬ එන්නේ.. ඉතින් මිනිස්සුත් හිතනවා මේ නම් දේවතාවරු ඇවිත් වන්ඳනා කරනව තමයි කියලා.. මිනිස්සු ඉමහත් සතුටට පත් වෙනවා.. ඔවුන් දන්නේ නෑ මේ ධාතූන් වහන්සේලාට තේවා පවත්වනවා කියා...

කොහොම හරි මේවා සියල්ලම අදවන විට යට වෙලයි තියෙන්නේ.. කවදා හරි හරියට කැණීම් කළොත් මේවායෙහි සත්‍යතාව හෙලිවෙනු ඇත.. ඊට රාජ්‍ය අනුග්‍රහයද අවශ්‍ය වනු ඇත.. මේවා සියල්ල හෙළි දක්වා බුදුවරුන්ගේ දේශය නම් මේ හෙළදිවම බව ලොවටම පෙන්වාදීමට සමත් සැබෑ බෞද්ධ රාජ්‍ය පාලකයින් ඉදිරියේදී මේ හෙළදෙරණේ පහළවනු ඇතැයි අප විශ්වාස කරමු..
එහෙනම් ඊලඟට අප තවත් විස්තර ටිකකින් හමුවෙමු.. ඔබට ස්වර්ණමාලී මහා සෑරදුන්ගේ පිහිටාශීර්වාදය ලැබේවා..

No comments:

Post a Comment

ස්වර්ණමාලී මහා සෑයෙන් සැබෑ හෙළ බුදු ඉතිහාසය සොයා යමු..07

සිදුහත් කුමරාගේ ඤාති පරපුර ගැනත් , එම අය කුමරාව සක්විති රජෙක් කරන්නට ගත් උත්සාහය ගැනත් , ඔවුනොවුන් අතර ඇතිවූ ආරවුල් ගැනත් , තවත් බොහෝ...